SLT ඉන්ටර්නෙට් බාවිතා කරන අයට වටිනා script එකක්.
අපේ රටේ වැඩිම දෙනෙකු බාවිතා කරන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ අන්තර්ජාල සේවාවයි. තමන් බාවිතා කරන ඩේටා ප්‍රමාණය
කොපමණදැයි බලන්න Online Usage meterඑකක් තිබුණත් ඒකේ පෙන්වන්නේ Peak Data ටික විතරයි. අපි ගණන් හදලා Off peak ඩේටා ටික හිතාගන්න වෙනවා. ඉතින් ඒ නිසා Off peak ඩේටා කොපමණ ඉතිරිදැයි පෙන්වන්න script එකක් ඔබට හදුන්වාදෙනවා. බලන්න ස්ක්‍රීන්ශොට් එකක් පහතින්.
බලන්න අපිට දැන් ලේසියෙන්ම Off peakඩේටා කොපමණ ඉතිරිදැයි බලන්න පුළුවන්. අපි බලමු මේක පෙන්වන්න හදාගන්න විදිය.
- ෆයර්ෆොක්ස් වෙබ් බ්‍රවුසර් එක බාවිතා කරන අය Greasemonkey Adon එක දාගන්න.
- ගූගල් ක්‍රෝම් වෙබ් බ්‍රවුසර් එක බාවිතා කරන අය Tampermonkey Adon එක දාගන්න.
- දැන් මෙතනින් පිවිස script එක installකරගන්න.
- දැන් සාමාන්‍ය පරිදි SLT Usage එක බලන page එකට log වෙලා බලන්න ඉහත ආකාරයට පහතින් off peak dataඉතිරි ගණන පෙන්වයි.


No comments: